ව්‍යාපාරික

INSEE සංස්ථා සිමෙන්ති, නවෝත්පාදනයෙන් බලගැන්වෙයි

ශ්‍රී ලංකාවේ ශීඝ්‍ර නාගරීකරණය සමඟ මතුවන ඉදිකිරීම් අවශ්‍යතාවන්ට වඩාත් ගැලපෙන නව්‍ය නිෂ්පාදන හා විසඳුම් ඉදිරිපත් කිරීමට INSEE සිමෙන්ති සමාගම සතු කැපවීම පිළිබිඹු කරමින්, තම ප්‍රමුඛතම සිමෙන්ති සන්නාමය වන INSEE සංස්ථා සිමෙන්ති නවෝත්පාදනයෙන් බලගැන්වීමට සමාගම පියවර ගෙන තිබේ. ‘සංස්ථා’ සිමෙන්ති යනු මෙරට දැනට පවතින පැරණිතම සිමෙන්ති සන්නාමය මෙන්ම ශ්‍රී ලංකාවේ පළමු Superior Blended සිමෙන්ති නිෂ්පාදනය ද වේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සිමෙන්ති සන්නාමය ලෙස දශක පහක් පුරා පාරිභෝගික ප්‍රසාදය දිනාගත් සංස්ථා සිමෙන්ති අද වනවිට හුදෙක් සිමෙන්ති සන්නාමයකට වඩා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරාවෘත්තයක් බවට පත්ව තිබේ.

“සිමෙන්ති සන්නාමයක් වශයෙන් වසර ගණනාවක් මුළුල්ලේ විශාල පාරිභෝගික විශ්වාසයක් දිනාගැනීමට INSEE සංස්ථා සිමෙන්ති සමත්වී තිබෙනවා” සිය අදහස් ගොනුකරමින් INSEE Sri Lanka විධායක උප සභාපති (අලෙවි, විකුණුම් හා නවෝත්පාදන) යාන් කුනික් මහතා ප්‍රකාශ කළේය. “පෑලියගොඩ පිහිටා ඇති අපගේ Innovation to Industry (i2i) නවෝත්පාදන අංශය මගින් INSEE සංස්ථා සිමෙන්තිවල ක්‍රියාකාරීත්වය, ප්‍රමිතිය හා ගුණාංග තවදුරටත් වර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ හරහා නිරන්තරයෙන් වෙනස්වන වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට ගැලපෙන හා වඩාත් පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලෙස  සිමෙන්ති ඉදිරිපත් කිරීමට අපට හැකිවී තිබෙනවා” ඔහු වැඩිදුරටත් පැවසීය.

පුද්ගල නිවාස ඉදිකිරීම් හා කොන්ක්‍රීට් අවශ්‍යතා වෙනුවෙන් විශේෂයෙන් ම නිෂ්පාදනය කෙරෙන INSEE සංස්ථා Superior Blended සිමෙන්ති නිෂ්පාදනය කරනු ලබන්නේ, SLS 1253 ප්‍රමිතියට අනුකූලව ය. ක්ලින්කර් එහි ප්‍රධානතම අමුද්‍රව්‍ය වන අතර, ඒවා උසස් තත්ත්වයේ කැල්සියම් කාබනේට් හා ෆ්ලයි ඈෂ් හෝ ලෝහබොර සමඟ මිශ්‍ර කර සංස්ථා සිමෙන්ති නිෂ්පාදනය කෙරේ. ඒ හරහා කොන්ක්‍රීට් සෑදීමේදී තාක්ෂණික කාර්යසාධනය වැඩිකිරීමටත්, පාරිසරික බලපෑම අවම කිරීමටත් හැකි වී තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා හරිත ඉදිකිරීම් කවුන්සිලයේ හරිත ලේබල් සහතිකය හා ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයේ Green Mark රන් සම්මානය හිමිකරගත් ශ්‍රී ලංකාවේ පළමු සිමෙන්ති නිෂ්පාදනය ද INSEE සංස්ථා වීම කැපී පෙනෙයි.

“මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම, දේශීය සිමෙන්ති වෙළෙඳපොළේ සිටින එකම බහුජාතික සමාගම වශයෙන් නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතාවන්ට හා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව අපගේ නිෂ්පාදන උසස් තත්ත්වයට පමුණුවාලීමේ වගකීමක් අප සතුව තිබෙනවා. එහිදී කලාපීය හා ගෝලීය නව ප්‍රමිතීන් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමටත්, ඊට සමගාමීව ‘සංස්ථා’ ඇතුළු අපගේ නිෂ්පාදන වැඩිදියුණු කරමින් දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ඉහළ නැංවීමටත් INSEE සිමෙන්ති සමාගම කැපවී සිටිනවා” යාන් කුනික් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සෑම නිවාස දෙකකින්ම එක් නිවාසයක් INSEE සංස්ථා සිමෙන්තිවලින් ඉදිකර තිබීම ද විශේෂත්වයකි. ඉදිකිරීම් කටයුතු හා බැඳුණු අභියෝග හා අවශ්‍යතා කෙරෙහි පාරිභෝගිකයින් හා කර්මාන්ත පාර්ශ්වකරුවන් කල්තබා සූදානම් කරමින්, ශ්‍රී ලංකාව පුරා ඉදිකිරීම් හා සිවිල් ඉංජිනේරු කටයුතු සඳහා INSEE සංස්ථා දායක වී තිබේ. INSEE සංස්ථා යනු 100%ක්ම දේශීයව නිෂ්පාදනය කෙරෙන සිමෙන්ති නිෂ්පාදනයක් වන බැවින් ඒ හරහා ශ්‍රී ලංකා රජයේ නිෂ්පාදන ආර්ථික දැක්මට මෙන්ම රටේ ආර්ථික සංවර්ධනයට ද මාහැඟි දායකත්වයක් සපයයි.

INSEE සංස්ථා සිමෙන්ති නිපදවා ඇත්තේ ඉතාම උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කරමිනි. එම නිසා සුපිරි තත්ත්වයේ මිශ්‍රණයක් ද, ස්ථායී බවක් ද, ශක්තියක් හා සුසංගත බවක් ද හිමි වෙයි. ඒ හරහා අනෙකුත් සිමෙන්තිවලට සාපේක්ෂව සිමෙන්ති මිශ්‍රණය සඳහා අවශ්‍ය ජලය ප්‍රමාණය ද, ඇඩ්මික්සර් ප්‍රමාණය ද අවම ය. එමෙන්ම අමුද්‍රව්‍යවල ශක්තිය හා උසස් බව නිසා ඉහළ ශක්තියකින් යුතු හා කල්පැවැත්මෙන් යුතු කොන්ක්‍රීට් නිෂ්පාදනයට ද INSEE සංස්ථා කදිමට ගැලපෙයි. ඇතුළත කම්බි මල බැඳීම ද අවම කරයි. තවද ඉක්මණින් සවි වන බැවින් වර්තමාන ඉදිකිරීම් කටයුතු සඳහා මනාව ගැලපෙන අතර ඉදිකිරීම් ආයෝජන ප්‍රතිලාභ ඉක්මණින් ලබාගැනීමට ද මඟපෑදෙයි.

තම ඉදිරි ගමන තුළ, මෙරට ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ පාරිසරික බලපෑම් හා කාබන් විමෝදනය අවම කිරීමට INSEE සිමෙන්ති ගනු ලබන පියවර සඳහා අඛණ්ඩව දායක වීමට INSEE සංස්ථා සන්නාමයට හැකිව තිබේ. ඒ හරහා INSEE සමාගමේ ආදර්ශමත් හා නවෝත්පාදන නිෂ්පාදන හා විසඳුම් ඔස්සේ වඩාත් තිරසාර ඉදිකිරීම් භාවිතාවන් සඳහා ද ‘සංස්ථා’ දායක වී ඇත. තව ද INSEE සිමෙන්ති නාමය යටතේ ඉදිකරනු ලබන සෑම ඉදිකිරීමකට ම දිගුකාලීන වටිනාකමක් ජනනය කිරීමට ද ඊට හැකියාව ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button