විදේශීය

ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ඩොලර් මිලියන් 27 ක වන්දියක්

පසුගිය වසරේ මැයි 25 වැනි දින ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මින්නියා පොලිසියේ නිලධාරියෙකු වූ ඩෙරෙක් චව්වින් විසින් ගෙල පාගා ඝාතනය කරන ලද ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 27ක වන්දි මුදලක් ෆ්ලොයිඩ්ගේ පවුල වෙත ලබා දී ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීම ලොව පුරා පැතිර ගියේ මින්නියා පොලිස් නිලධාරියා වූ ඩෙරරෙක් චව්වින් සුද ජාතිකයෙකු වීමත් ෆ්ලොයිඩ් කළු ජාතිකයෙකු වීමත් නිසාය. වන්දි ගෙවීමට අමතරව මේ වන විට චව්වින් මිනිමැරුම් චෝදනා ලබා සිටින අතර ඔහු සමග තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් ද චෝදනා ලබා සිටී. ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ ෆ්ලොයිඩ් ගේ ඝාතනයට අනුබල දීමයි.

ෆ්ලොයිඩ්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ඔවුන්ගේ නීතිඥයා වූ බෙන්ජර්මින් ක්‍රම්ප් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ,

‘‘කළු ජාතිකයෙකුගේ වුවත් ජීවිතයේ ඇති වැදගත් බව පිළිබඳව මෙම තීන්දුවෙන් ශක්තිමත් පණිවිඩයක් ලොවට ලබා දෙන බවයි. එසේ ම වර්ණ බේදවාදයට එරෙහි සිදු වන පොලිස් කෲරත්වය අවසන් විය යුතු බවත් ඔහු පවසා සිටියේ ය.

46 හැවිරිදි වියේ පසු වූ කළු ජාතික‍යෙකු වූ ජොර්ජ් ෆ්ලොයිඩ් මින්නියා පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසුව මහ මඟ දී පොලිස් නිලධාරීන් ගේ වධහිංසා හේතුවෙන් මිය ගිය අතර ඊට යුක්තිය ඉල්ලා මින්නියා නගරයේ ජනතාව උද්ඝෝෂණය කළේ ය. පසුව මෙම උද්ඝෝෂණ මිනසෝටා ප්‍රාන්තය පුරා පැතිරී ගියේ උද්ඝෝෂණය සඳහා කළු සුදු භේදකයකින් ‍තොරව සියලුම ජනතාව සහභාගි වීමෙනි. ෆ්ලොයිඩ් වෙනුවෙන් යුක්තිය ඉටු වීම පමා වීමත් සමගම සමස්ථ ඇමෙරිකාව පුරාම උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරී ගියේ ඇමෙරිකාවම සලිත කරවමිනි. ඉන් පසුව වර්ගවාදයට එරෙහිව ලොව පුරා උද්ඝෝෂණ රැසක් පැවැත් වුණේ ෆ්ලොයිඩ් ට යුක්තිය ලැබිය යුතු බව ඉල්ලා සිටිමිනි.

ඒ අනුව ෆ්ලොයිඩ්ව ඝාතනය කර මාස 10ක් ගතවීමටත් මත්තෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට වන්දි හිමි වූ අතර මිනී මැරුමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව ඝාතන චෝදනා නඟමින් නඩු පැවැරීම ද සිදු කර ඇත.

ෆ්ලොයිඩ් ඝාතන සිදුවීමේ දී දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය වන්නේ ශ්‍රීලංකාවේ පොලිස් ඝාතනවලදී මෙන් මෙන් විමර්ශනය සඳහා වසර ගණනාවක් ගත නොවීමයි. එසේම අදාල ඝාතනය සඳහා ඉතා ඉක්මනින්ම වින්දිතයින් සඳහා සාධාරණය ඉෂ්ට වීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button