ක්‍රීඩා

මනිලාල් හොරෙක් නෙවෙයි. අනුර දිවුරුම් ප්‍රකාශයකින් කියයි.

ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇතුළු කටයුතුවලට මැදිහත්වන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළ කෝප් කම්ටු සභාපතිවරයා. පාපන්දු සංගමයේ විධායක සභාවේ අති බහුතරයක් පත්කිරීමේ පාපන්දු සංගමයේ සභාපතිවරයාගේ බලතල ඉවත්කරන ලෙසද ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය. ඉතාමත්ම නරක ලෙස විධායක කමිටුවේ සාමාජිකයින් 28 දෙනා අතරින් 18දෙනෙකුම පත් කිරීමේ බලය පාපන්දු සංගමයේ සභාපතිවරයා සතු වීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් අවධාරණය කළේය.

පසුගිය දා රැස් වූ කෝප් කමිටුව හමුවේ පැවැති විමර්ශනය සඳහා කැඳවීම් ලබා සිටි වත්මන් සභාපති අනුර ද සිල්වා නොපැමිණ සිටි අතර ලේකම් ජස්වර් උමාර් පැමිණ සිටියේ ය. ඔහු සමග සංගමයේ විධායක සභාවේ පිරිසක් ද එම කැඳවීම අනුව කොප් කම්ටුව හමුවට පැමිණ සිටියහ.

මනිලාල් ප්‍රනාන්දු සභාපතිවරයාගේ කාලයේ පටන් පැවැති මුල්‍ය දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සිදු වුවත් අවසානයේ දී වත්මන් සභාපතිවරයා ‍නොපැමිණ සිටි නිසා කරුණු විමර්ශනය කිරීම මැයි 6 වැනි දා දක්වා කල් දැමුණු අතර එදිනට වත්මන් සභාපතිවරයා අනිවාර්යයෙන්ම කැඳවන ලෙසද දැනුම් දුන්නේය.

විශේෂයෙන්ම මිනිලාල් ප්‍රනාන්දු සභාපතිවරයා සමයේ සිදුවූවා යැයි පවසන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වත්මන් සභාපතිවරයා දිවුරුම් ප්‍රකාශයක් ලබා දී ඇති අතර එයින් ඔහු පවසා ඇත්තේ මනිලාල් ප්‍රනාන්දු සමයේ කිසිදු මුල්‍ය අක්‍රමිකතාවයක් සිදු නොවූ බවටය. එය ඉතා බරපතල තත්ත්වයක් බවද කොප් කම්ටු සභාපතිවරයා පැවැසීය. එසේ පවසන වත්මන් සභාපතිවරයා මීළඟ නිලවරණයේ දී ලේකම් ධුරය සඳහා තරඟ වැදීමට සිටින බවත් ඒ මනිලාල් ප්‍රනාන්දු ගේ පුත් මනීල් ප්‍රනාන්දු පාර්ශවයෙන් බවත් මෙහිදී කියැවුණි. මනීල් ප්‍රනාන්දු සභාපති ධූරය සඳහා තරඟ වැදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button