දේශපාලන

පෝර්ට් සිටි විරෝධතාවවලට ඉඩ නැහැ.

ශ්‍රී ලංකාවේ වැඩි වැඩියෙන් ආයෝජනය කරමින් සිටින චීන කොමියුනිස්ට් පක්ෂය ඊට එරෙහි වන කිසිදු විරෝධතාවකට හිස එසවීමට ඉඩ නොදීමට පොදු ජන පෙරමුණු රජයට තීරණය කර ඇත. එසේ කිරීම සඳහා අවශ්‍ය කරන සහාය ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කර්යාලය මඟින් ලබා ගැනීමට කටයුතු කරන අතර ඊට අවශ්‍ය සහාය ලබා දීමට ද චීන කොමියුනිස්ට් පක්ෂය (සී.සී.පී) පොරෙන්දු වී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිහානිය ට සාපේක්ෂ ව පාලක රාජපක්ෂ රෙජීමයේ වත්කම් ඉහළ යෑම සහ සාමාන්‍ය ජනතාව අන්ත දිළිඳු භාවයකට පත් වීම නිසා ඉදිරියේ දී ඇති වේ යැ යි බලාපොරොත්තු වන රජයට විරුද්ධ උද්ඝෝෂණ සහ වැඩ වර්ජන මෙන් ම අධිකරණ ක්‍රියා මාර්ග වැළැක් වීමට ද පොදු ජන පෙරමුණු රජය ක්‍රියා කරමින් සිටී.

පොදුජන පෙරමුණ රජය මෙම අසීරු අවස්තාවට මුහුණ දී සිටින්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා චීනයේ දී 1989 සිදු වූ සිසු උද්ඝෝෂණ මිලෙච්ඡ ලෙස මර්ධනය කර හරියට ම වසර 32කට පසු ය. චීන කොමියුනිස්ට පක්ෂය ශ්‍රී ලංකා රජයට මේ සම්බන්ධව උපදෙස් දෙමින් සිටින්නේ එම ම්ලෙච්ඡ අත්දැකීම් සහිත ව ය.

1989 චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිසංස්කරණවලට එරෙහි ව ඇති වූ ශිෂ්‍ය සහ කම්කරු අරගල මැඩ පැවැත් වූ ආකාරය පිළිබඳ 32 වැනි සංවත්සරය ඇමෙරිකාවේ සහ යුරෝපයේ සිටින එම අරගලයට සම්බන්ධ වූවන් සමරා ඇත. ‘තියනෑන්මන්’ චතුරශ්‍රයේ දියත් කෙරුණ එම විරෝධතා ව්‍යාපාරය චීන කොමියුනිස්ට් පාලන ඉතිහාසයේ කොමියුනිස්ට් පාලනයට එරෙහි ව වාර්තා වූ විශාලතම උද්ඝෝෂණ ව්‍යාපාරය යි.

එදා සිසුන් සහ කම්කරුවන් දස දහස් ගණනක් මිලිටරි බලය යොදවා ඝාතනය කරමින් සිය ප්‍රජාතන්ත්‍ර විරෝදී වැඩ පිළිවෙල ඉදිරියට ගැනීමට චීන රජය සමත් විය. එදා ඒ ආකාරයට දස දහස් ගණනක් ඝාතනය කරමින් සිදු කළ ප්‍රතිසංස්කරනවලින් චීන සී.සී.පී. බලවතුන් ඇතු පන්තිය ඉහළ තත්ත්වයක සිටිය ද තවමත්‍ චීනයේ සමස්ථ ජන ජීවිතය ඇත්තේ ඉතා ම පහළ මට්ටමකය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button