දේශපාලන

යුරෝපා පාර්ලිමේන්තුවේ ටොක්කෙන් ශානි ට ඇප, හිරු ට දුකයි

මාස 10කුත් දින 16ක කාලයක් ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවේ තබා ගෙන සිටි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අප මත මුදා හැර ඇත. ඊට පෙර පාර්ලිමේන්තුවේ දී අදහස් දැක් වූ හිටපු අධිකරණ ඇමති තලතා අතුකෝරල පවසා සිටියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයාව අත්අඩංගුවේ තබා ගැනීමට හෝ ඔහුට නඩු පැවරීමට හෝ අවශ්‍ය සාක්ෂි නොමැති බව ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාලවරයා විසින් නීතිපතිවරයා වෙත දන්වා ඇති බව යි.

වත්මන් ශ්‍රී ලංකා රජයේ මානව හිමිකම් විරෝධී චර්යාව නිසා ජී.එස්.පී. ප්ලස් (GSP+) සහනය ලබා දීම සම්බන්ධව සිතා බලන ලෙස යුරෝපා පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කළ අතර එම යෝජනාවට පක්ෂව ඡන්ද 625ක් ද, විපක්ෂව ඡන්ද 18ක් ද හිමි විය. ඒ සමඟ ම ශානි අබේසේකර දේශපාලන පළිගැනීමක් ලෙස බොරු චෝදනා මත අත්අඩංගුවේ රඳවා සිටින බව ද යුරෝපා පාර්ලිමේන්තුව විසින් අවධාරණය කළේ ය.

බටහිර රටවලට සහ මානව හිමිකම්වලට කොතරම් විරෝධය පෑවත් අවසානයේ ගෝඨාභය රාජපක්ෂ රජය ඔවුන්ගේ සාධාරණ බලපෑම්වලට යටත් වන බවට මෙය හොඳ ම නිදසුනකි.

එහෙත් අද දින හිරු ටී.වී. දිවා ප්‍රවෘතිවලින් මෙම ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන අතර පැවසුනේ ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමෙන් ශානි අබේසේකර දේශපාලන පලිගැනීම් සඳහා යහපාලන රජයට සහාය දුන් බවට අනාවරණය වූ බව යි.

හිටපු දූෂිත විනිසුරුවරයෙක් වූ උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත් කළ එම කොමිසම ඇත්තට ම සිදු කළේ පසු ගිය රාජපක්ෂ රජයේ ප්‍රබලයන්ගේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් පැවැත්වුණු නීතිමය ක්‍රියා මාර්ග අවහිර කර ඉන් චූදිත රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ චෙංචයියන් නිදහස් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම බව රාජපක්ෂ රජය බලයට පත් කිරීම කටයුතු කළ අය පවා පිළි ගනිති. එවැනි තත්ත්වයක් තිබිය දී හිරු ටී.වී. ප්‍රවෘතිවලින් ශානි අබේසේකර බොරු චෝදනා මත අත්අඩංගුවේ තබා ගෙන හිරිහැර කිරීමට විරුද්ධව යුරෝපා පාර්ලිමේන්තුව විසින් කළ ප්‍රකාශය ගැන කිසිවක් සඳහන් කළේ නැත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button