විදේශීය

ඊශ්‍රායල් නව අගමැති වැඩ අරඹයි. ගාසා තීරයට නැවත ගුවන් ප්‍රහාර

ඊශ්‍රායලයේ නව අගමැතිවරයා බලයට පැමිණීම පිළිබඳ ව අදහස් දැක් වූ පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස්ගේ ප්‍රකාශය තහවුරු කරමින් ඊශ්‍රායල ගුවන් හමුදා ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. පසු ගිය 13 වැනි දා බලයට පැමිණි ඊශ්‍රායල් නව අගමැතිවරයා වන නෆ්ටාලි බෙනට් දිවුරුම් දීමත් සමඟ ම අදහස් පලකළ පලස්තීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ; “මොන යම් පක්ෂයක් ඊශ්‍රායලය තුළ බලයට පැමිණිය ද පලස්තීන වැසියන් ට එල්ල වන කෙණෙහිලි කම් අඩු නොවනු ඇති බවත්, පලස්තීන ජනතාවට සාධාරණයක් ඉෂ්ට නො වනු ඇති බවත් ය.”

එම ප්‍රකාශය සනාථ කරමින් අන්ත දක්ශිණාංශික මතධාරී නෆ්තාලි බෙනට් බලයට පැමිණි දෙවැනි දිනයේ දී ම ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිය කටයුතු අරඹා ඇත. ඒ මෙයට පෙර ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම නවත්වා හරියට ම  දින 25 කට පසුව ය. පසු ගිය මැයි 10 වැනි දා ආරම්භ වූ ගැටුම් දින 12ක කාලයක් පැවැති අතර ඉන් පසුව සටන් තාවකාලිකව නවතා දැමුණේ මැයි 22 වැනි දා ය.

සටන් පැවැති දින 12 තුළ දී පලස්තීන වැසියන් 260ක් පමණ මිය ගිය අතර ඒ ළමුන් 66ක් දෙනකු වූ බව විදෙස් පුවත් වාර්තා කළේ ය.

ඒ අතර තුර හිටපු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මුහුණ දුන් දේශපාලන අර්බුද උග්‍ර වූ අතර ඒ නිසා ම ඔහුට අගමැති ධුරය අහිමි විය. නෆ්තාලි බෙනට් යනු වසර 12ක නෙතන්යාහු පාලනය නිමා කරමින් බලයට පත් පක්ෂ ගණනාවකින් යුත් සභාග රජයේ පළමු ධුරය කාලයේ අගමැතිවරයා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button