දේශීය

ශ්‍රී ලංකාවේ කම්කරුවන් වහලුන්ටත් අන්තයි!

“වහලා නීතියට නොපෙනේ” යනුවෙන් කියමනක් මානව හිමිකම් පිළිබඳ අධ්‍ය‍යනයේ දී බොහෝ දෙනකු අසා ඇත. නමුත්, මීට වසර 150කට පමණ පෙර වීසූ දේශපාලන දාර්ශනීකයකු වූ වී.අයි. ලෙනින් විසින් වරෙකදී මෙලෙස ප්‍රකාශ කර ඇත. “A slave’s existence is more promising than a factory worker” එහි සරළ අදහස නම් වහලෙකුටත් වඩා කර්මාන්ත ශාලාවක වැඩකරන කම්කරුවෙකුගේ පැවැත්ම අවිනිශ්චිත වේ යන්නයි. ලෙනින් කම්කරුවෙකුගේ තත්වය වහලෙකුටත් වඩා සෝචනීය ලෙස හැඳින්වුයේ ඇයි?

එය අපට ඉතා සරලව මේ වන විට ලොව පුරා පැතිරෙමින් ඇති කෝවිඩ් 19 වසංගතය හමුවේ ම තේරුම් ගත හැක. කෝවිඩ් 19 වසංගතය ලංකාවේ සියලුම අංශ වෙත ද අහිතකර බලපැම් එල්ල කර හමාරය. අපේ මාතෘකාවට අදාළ ව මෙරට කම්කරුවන් අද වන විට මුහුණපා ඇති තත්ත්වය තේරුම් ගැනීම සඳහා 2020 වසරට අදාළ මහ බැංකු වාර්ථාව වෙත අපට අවධානය යොමු කළ හැක. එහි දත්තවලින් අපට සරල ව දැනට අපේ කම්කරුවන්ට අත් වි ඇති ඉරණම පැහැදිලි වේ.

2020 මහ බැංකු වාර්තාවට අනුව 2019 වසරට සාපෙක්ශව 2020 වසර වන විට සේවා නියුක්ත ජනගහනය පිළිවෙළින් මිලියන 8.181 සිට මිලියන 7.999 අඩු වන විට, සේවා වියුක්ත ජනගහනය මිලියන 0.411 (2019) සිට මිලියන 0.468 (2020) දක්වා වැඩි වී ඇත. සේවා වියුක්ත අනුපාතය 4.8% (2019) සිට 5.5% (2020) දක්වා වැඩි වී ඇත. 2019 වසරේ විදේශ රැකියා සදහා පිට වූවන්ගේ සංඛ්‍යාව 203,087 කී. නමුත්, 2020 වසරේ එම සංඛ්‍යාව 53,713 පමණකි එය 73.6% වාර්ථා ගත අඩු වීමකි.

එසේ ම, හාම්පුතුන්ගේ සංමයේ ඉල්ලීම පරිදි වසංගත තත්වය නිසා නිවසේ සිටීමට සිදුව ඇති මාසික වැටුප් ලබන සේවකයන්ට ඔවුන් ලබමින් සිටි වැටුපෙන් හරි අඩක් හෝ ලංකාවේ අවම වැටුප ලෙස සැලකෙන රු.14,500.00 යන දෙකෙන් වැඩි අගයක් ලබා දීමට කම්කරු අමාත්‍යවරයා සිය අවසරය ලබා දී ඇත.

2018 වන විට පුද්ගලික අංශයේ සේවකයින් මිලියන 2.8 න් 60% ක් තාවකාලික සේවකයින්ය. ස්ථිර රැකියාවල නියුතු අය මෙන් නොව, මෙම තාවකාලික සේවකයින්ට අවශ්‍ය ආරක්ෂාව,  රැකියා සුරක්ෂිතතාව සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැනි ප්‍රතිලාභ හිමි නොවේ. බොහෝ විට ඔවුන්ට ගෙවනු ලබන්නේ දෛනික වැටුප්ය. එම නිසා ඔවුන් මූලික වැටුපකට හිමිකම් නොකියයි. ඒ හේතුවෙන් සේවා යෝජකයන්ට මෙම අනියම් හෝ නිත්‍ය නොවන සේවකයන්ට වැටුපෙන් බාගයක් ගෙවන ලෙස කීමට රජයට නොහැකිය. එසේම මෙම නිත්‍ය නොවන සේවකයින්ට එක් නිශ්චිත සේවා යෝජකයෙකු නොමැති වීම ද තවත් ගැටලුකාරී තත්වයකි.

වර්තමානයේ ශ්‍රී ලංකාවට විරැකියා රක්‍ෂණ (Unemployment Insurance – UI) යෝජනා ක්‍රමයක් නොමැති අතර එහි ‘ක්‍රියාකාරී ශ්‍රම වෙළඳපොළ ප්‍රතිපත්ති’ දුර්වල ය. 2003 දී රජය විසින් UI යෝජනා ක්‍රමයක් යෝජනා කළ ද, එය ක්‍රියාත්මක නොවීය.

වත්මන් ධනවාදී ආර්ථීක ක්‍රමය තුළ පුද්ගලයෙකුට ප්‍රාග්ධනය අහිමි නම්, ඔහුට ඔහුගේ පැවැත්ම සඳහා ඔහුගේ ශ්‍රමය අලෙවි කිරීමට සිදුවේ. එසේම එය නොකඩවා කිරීමට ද සිදු වේ. එසේ කිරීමෙන් පමනක් ඔහුට පැටුපක් හෝ වේතනයක් ලැබිය හැකිය. යම් හෙයකින් ඔහුට ඔහුගේ ශ්‍රමය අලෙවි කිරිමට නොහැකි තත්වයක් මතු වුවහොත් ඔහුට හිමි එකම ආදායම් මාර්ගය අහිමි වී යයි.

‘ජාත්‍යන්තර පුද්ගලික ව්‍යවසාය මධ්‍යස්ථානය’ විසින් නිකුත් කරන ලද වාර්ථාවකට අනූව 2020 වසරේ පළමු කාර්තුව තුළ දී පමනක් ශ්‍රී ලංකාවේ අහිමී වී ඇති රැකියා ප්‍රමානය 160,996 කි.  එසේ නම් මෙම රැකියා අහිමි වුවන් සිය ජීවිතය පවත්වාගෙන යන්නේ කෙසේ ද? යන ගැටළුව පැන නැඟී ඇති අතර පවත්නා ක්‍රමය තුළ ලබා දී ඇති ඊනියා කම්කරු අයිතිවාසිකම්වලට මෙම ගැටලුවට විසදුම් ලබාදිය හැකි ද? යන ගැටළුව ද අප ඉදිරියේ ඇත.

රජය මඟින් සමෘධි සහන, වැඩිහිටි දීමනා සහ ආබාධිත වූවන් සඳහා වන දීමනාව පමණක් ලබා දීම කරන අතර එය පසුගිය කාලයේ දී සම්පුර්ණයෙන් ම රැකියා අහිමි වූ 200,000ක් පමණ වූ ස්ථිර රැකියා කළ පිරිසට ද සංචරණ සීමා සහ කෝවිඩ් මර්ධන නීති රීති නිසා තම එදිනෙදා රැකියාව කළ නොහැකි වී සිටින මෙන් ම පුද්ගලික අංශයේ සේවකයින් මිලියන 2.8න් 60%ක් වන තාවකාලික සේවකයින් ට හිමි නොවේ. මේ වන විට එම පිරිස දැවැන්ත ජීවන අරගලයක යෙදී සිටී.

මෙතෙක් ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධව විසඳුමක් තවමත් සිතාවත් නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button