විදේශීය

කොරෝනාවෙන් වැඩිහිටියන් බේරාගන්න පුළුවන් – අලුත් බලාපොරොත්තුවක්

ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නත වැඩිහිටි පුද්ගලයින් සඳහා ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇතිකරන බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.

ඒ හේතුවෙන් විශේෂයෙන් වයස අවුරුදු 60ත් 70ත් අතර පුද්ගලයින් කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් බලාපොරොත්තු ශක්තිමත් වී ඇති බව සඳහන් වනවා.

පර්යේෂකයින් පැවසුවේ නීරෝගී වැඩිහිටියන් 560 දෙනෙකු යොදාගෙන සිදුකළ දෙවැනි පෙළ අත්හදාබැලීමේ ප්‍රතිඵල බලාපොරොත්තු සහගත බවයි.

මිනිස් සිරුර තුළ කොවිඩ් -19 වෛරස වර්ධනය නැවැත්විය හැකිදැයි යන්න තෙවැනි පෙළ අත්හදාබැලීම්වලදී හඳුනාගැනීමට නියමිත අතර ඒ සඳහා වඩා විශාල සාම්පලයක් යොදාගැනීමට යෝජිතය.

එහි මූලික ප්‍රතිඵල එළඹෙන සති කිහිපය තුළ නිකුත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button