ව්‍යාපාරික

‘Technology for Mankind – Kindness for the World’සංකල්පය සමග 3+N+X ක්‍රමෝපාය හඳුන්වා දෙමින් OPPO INNO day 2020 චීනයේ Shenzhen හිදී පැවැත්වේ

OPPO INNO Day 2020 වැඩසටහන‘Leap into the Future’යන තේමාවෙන් යුතුව නොවැම්බර් 17 වන දින චීනයේ Shenzhen හිදී පැවැත්විණි. ‘Internet of Experience’සංකල්පය පසුබිම් කරගනිමින් ‘Technology for Mankind, Kindness for the World’සහ ‘Virtuous Innovation’යන උප තේමාවන් යටතේ, 3+N+X තාක්ෂණික සංවර්ධන ක්‍රමෝපාය හඳුන්වා දීම මෙහිදී සිදුවිය. එමෙන්ම මෙම උත්සවයේදී OPPO X 2021 rollable concept handset, OPPO AR Glass 2021 සහ OPPO CybeReal AR application ද හඳුන්වා දෙන ලදි.

මෙහිදී අදහස් දක්වමින් OPPO නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ටෝනි චෙන් මහතා පැවසුවේ Virtuous Innovation සංකල්පය ඔස්සේ 3+N+X තාක්ෂණික සංවර්ධන ක්‍රමෝපාය අනුව යමින් තව තවත් විශිෂ්ට නිර්මාණ සිදුකිරීම OPPO සමාගමේ අපේක්ෂාව බවයි. එමෙන්ම ආයතනික නවෝත්පාදන වලදී ප්‍රමුඛත්වය හිමිවිය යුත්තේ පාරිභෝගිකයන්ට බව OPPO විශ්වාස කරන බවද ඒ මහතා පැවසී ය.

3+N+X තාක්ෂණික සංවර්ධන ක්‍රමෝපායේ 3 ඉලක්කමෙන් අදහස් වන්නේ දෘඪාංග, මෘදුකාංග සහ සේවා තාක්ෂණයන් ය. මෙම තාක්ෂණයන් OPPO සමාගමට ලොවපුරා පාරිභෝගිකයන්ට සමෝධානික සුහුරු ජීවන රටාවන් සමීප කරවීමට අවස්ථාව සලසා දෙයි. N අකුරින් කෘත්‍රිම බුද්ධිය, ආරක්ෂාව හා පෞද්ගලිකත්වය, බහුමාධ්‍ය, සහ අන්තර්සම්බන්ධතාව වැනි OPPO සතු ප්‍රධාන හැකියාවන් හැඟවේ. X අකුර යොදා ඇත්තේ නවෝත්පාදනය ඔස්සේ පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට මට්ටමේ අත්දැකීම් තිළිණ කරමින් තරගකරුවන් අතර කැපීපෙනීමට සමාගමට උපකාරී වන Flash charge වැනි තාක්ෂණයන් හැඟවීමට ය.

“තාක්ෂණික හැකියාවන් වර්ධනය කරගැනීම වැදගත් බව ඇත්ත. එහෙත් ඒවා නිර්මාණශීලී ලෙස ඒකාබද්ධ කිරීම ඊටත් වඩා වැදගත්. ඒ සම්බන්ධ මතුවන සංකීර්ණතා විසඳීම සමාගමේ වගකීමක් බවත්, අප කළ යුත්තේ එහි සියලු වාසි පාරිභෝගිකයන් වෙත ලබාදීම බවත් OPPO විශ්වාස කරනවා.” උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරමින් OPPO උප සභාපති සහ OPPO පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ලෙවින් ලියු මහතා පැවසී ය.

මෙදින හඳුන්වා දෙන ලද සංකල්ප තුන අතරින් එකක් වන OPPO X 2021 rollable concept දුරකථනය OPPO පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නවතම නිර්මාණයයි. නම්‍යශීලී තිරයක් සමග ‘structural stacking’සහිත එය පාරිභෝගිකයන්ට වඩාත් ස්වාභාවික හා ඉහළ අන්තරී-ක්‍රියාකාරී අත්දැකීමක් ගෙන එන්නකි. අඟල් 6.7 ක් තරම් කුඩා සහ අඟල් 7.4 ක් තරම් වන‘Continuously Variable OLED’දර්ශන තිරය තමන්ට කැමති පරිදි වෙනස් කරගැනීමට හැකිවීම මෙහි ඇති ප්‍රධානම විශේෂත්වයයි.

නවතම split design සැලසුම අනුව නිපදවා ඇති OPPO AR Glass 2021 උපාංගය ඉතා හුරුබුහුටි හා සැහැල්ලු උපාංගයකි. එහි stereo fisheye කැමරාවක්, ToF සෙන්සරයක් සහ RGB කැමරා ඇතුළුව එකිනෙකට වෙනස් සෙන්සර් වර්ග ඇතුළත් වේ. එය Interactions via smartphone,Gesture-based interactions සහ Spatial localization ඇතුළුව natural interactions ක්‍රම කිහිපයක්ම support කරයි.

Real-time, Spatial Calculation තාක්ෂණයක් මගින් බලගැන්වෙන CybeReal AR application ඉහළ නිරවද්‍යතාවක් සහිත localization සහ scene recognition හැකියාවෙන් යුක්ත වන අතර OPPO ප්‍රධාන තාක්ෂණයන් තුනම ඊට භාවිතා කළ හැක. බාහිර ලෝකය ඉතාම කුඩා අවකාශය දක්වාම නිවැරදිව ප්‍රතිනිර්මාණය කිරීම, සජීවී හා අතිශය නිවැරදි localization සහ OPPO Cloud නිසා පාරිභෝගිකයන්ටසුවිශේෂී අත්දැකීමක් මෙමගින් හිමි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button